Friday, January 18, 2019

කුරුවිටෙන් සිරීපාදෙ යමු - (sripada by kuruwita road)


මුලින්ම කියන්න ඕනෙ මේක තමයි මගේ පලවෙනිම බ්ලොග් පෝස්ට් එක,ඔය ඉතින් එක එක වෙලාවට බ්ලොග් එකක ලියන්න හිතුනත් පටන් ගන්න තරම් මෙව්වා එකක් නෑ.කම්මැලී

දැන් කතාවට බහිමුකෝ.මේක තමයි මගේ දෙවෙනි සිරිපාද ගමන.පළවෙනි එක ගියෙ නල්ලතන්නිය පාරෙන්.කොහොමත් කොහෙහරි ඒක පාරකින් ගියහම මට ආයෙ ඒ පාරෙ යන්න හිතෙන්නෙම නෑ.ඉතින් දෙවෙනි සිරීපාද ගමන කුරුවිට පාරෙන් යන්න තීරණය කලා.
ඉතින් මංතුමා ගමන යන්න කලියෙන් පොඩ්ඩක් අහාලා බැලුවා,ඇහෙන හැටියටනම් වැඩේ ටිකක් අමාරුයි.කිලෝ මීටර්ම දාහතරක්ලු,කැලේලු, අලිබෙටිත් තියනවලු,කඩ නෑලු, භයාආආආනකයිලු.
ඕවා ගැන හිතලා කොහොමද සිරීපාදෙ යන්නෙ.ඇවිද්ද පය නොවැ දහස් වටී කියන්නෙ..

පස්සෙ වෙනදා විදිහටම නෙට් එකේ ෆුල් සර්ච් පාරක් දාලා බැලුවා ගමන ගැන.පොඩි පොඩි විස්තර ඇරෙන්න පැහැදිලි විස්තරයක් නැති තරම්.මේ පෝස්ට් එක ලියන්න හේතුව වුනෙත් අන්න ඒකම තමයි.

නෙට් එකෙන් ගත්ත අවබෝදෙන් මෙන්න මේ දෙවල් ටික බෑග් එකට දාගත්තා
රේන් කෝට් එකක්,බෙඩ් ශීට් එකක්, තුවායක්, පිහියක්, ජැකට් එක, කැන්වස් සපත්තු දෙක, කැම් එක,ට්‍රයිපොඩ් එක, පොඩි බඩ්ගින්නට අග්ගලා,පොඩි වතුර බෝතලයක්, ශර්ට් එකක්, බොටමක්,ලුණු වතුර බෝතලයක්(කූඩැල්ලන්ට),විදුලි පන්දමක්.

ගමනට සෙට් වුනේ මමයි, අතිජාත මිත්තරයො දෙන්නෙකුයි.ඒ එක්කෙනෙකුගෙ මල්ලි කෙනෙකුයි.ගමන දාගත්තෙ සෙනසුරාදා . ඊට පස්සෙ සතියෙ අගහරුවාදා පොඩි නිවාඩුවකුත් තිබ්බා.ඉතින් මේක කියවන ඔයාලට කියන්නෙ ඒ වගේ අහල පහළකවත් නිවාඩුවක් තියාගෙන සිරීපාදෙ යන්න නම් හිතන්නවත් එපා.

කතාවුන හැටියටම අපි හතරදෙනා උදේ 7.30ට කොලඹට සෙට් වුනා. මගේ බෑග් එකේ කැඩිච්ච තැනකුත් මහගෙන ,  පොඩි කෑමකුත් අරන් බස් එකට නගිද්දි වෙලාව 8.40යි


කොලඹ-රත්නපුර බස් එකෙන් ටිකට් එක(රු.120/=) ගන්න ඕනි කුරුවිටට

කොලඹ ට්‍රැෆික් එකටත් හිරවෙලා හිරවෙලා කුරුවිටෙන් බහිද්දි වෙලාව 11.30. කුරුවිට ස්ටෑන්ඩ් එකෙන් බැහැලා අපි ගියා බස් තියනවද බලන්න ,අපි යන්න ඕනෙ අඩවිකන්දට, ඒත් බස් තියෙන්නෙ එරන්තට විතරයි.එරන්ත ඉදලා 3km දුරක් ගෙවලා අඩවිකන්දට යන්න ඕනෙ.

හැබැයි මේ සිරීපාද වාරය නිසා කුරුවිට ඉදන් අඩවිකන්දටම බස් තියනවා ,ටිකට් එක 80/=යි.බස් එක යන්න ටිකක් වෙලා තියන නිසා අපි ගියා රෑ කෑමට පාන් ගන්න.ඔයාලට කියන්න තියෙන්නෙ පුලුවන් තරම් ආහාර පහලින් ගන්න. උඩට යද්දි කඩ අඩුයි වගේම මිල දෙගුනයි.කෑමත් අරන් බස් එකට නැග්ගා,පාර හුගක් පටු නිසා ගමනට පැයක් පමණ ගතවෙනවා.

අඩවින්දෙ බස් එක නවත්වන තැන

අඩවිකන්දෙන් බැහැලා යන ගමන් (1.30p.m.)

අපි මුලින් හිතන් හිටියෙ අපි විතරක් ඉදීවි කියලා,ඒත් මේ වාරය නිසා බොහෝ දෙනෙක් ගමන් කරනවා.

මාර්ගය ආරම්භය
මෙකෙ සංචාරක ආකර්ශන ස්තාන කියලා ලිස්ට් එකක් තියනවා,ඒවා කාගෙන් හරි අහලා දැනගෙන යන්න. අපිට හුගක් තැන් මග හැරිලා.

මාර්ගයේ මුල

 මෙතන තමයි අපි දිවා ආහරය ගත්තෙ. වෙලාව 2.30යි,ලොකු කඩේකුත් තියනවා මෙතන,ඒකෙන් කෑම මිලදී ගන්න වුනත් පුලුවන්.

අපි සෙට් එක,පොටො එක ගන්නෙ මං








Go Pro එකක් නෑ කියලා කොල්ලා සැලුන් නෑ,පොටො 6 ක් අරන් photoshop වලින් automate කලා













 ඔරිජිනල් සීත ගගුල බලන්නනම් මේ පාරෙම්ම යන්න ඕනි.

 මත්ස්‍ය සම්භාහනය
 නාන්ඩ සෝක් වතුර ටික



 ගං පතුලෙ තිබ්බ රිලා හිස්කබලක් ගොඩට ගෙනාවා.




 රත්නපුර මාර්ගය හා හැටන් මාර්ගය





 කුරුවිට පාර හා රත්නපුර පාර සම්බන්ද වන හැරමිටිපාන අම්බලම (10.15PM)



මලුවට යද්දි පාන්දර 1.30 ට විතර,හැටන් පාරෙන් එන පිරිසගෙන් අදික තදබදයක් ඇතිවෙලා තිබුනෙ. ඉර සේවය බලන්න ඕනෙත් නිසා මලුවට වෙලා ටිකක් නිදා ගත්තා.

දෙවරක් ගිහිල්ලත් ඉර සේවය බලන්න හම්බුනේ නැහැ

හැටන් පාරෙන් බැහැලා කෝච්චියෙ ගෙදර එද්දි හවස 7 විතර ඇති.කිලෝ මීටර 14 ක් වුනත්  කන්ද හින්දා හුගක් මහන්සී, ඇති අලියෙක්නම් නෑ,පාර දිගට ලයිට් දාලයි තියෙන්නෙ.පුලුවන් තරම් උදේම යන්න. එතකොටයි හොදින් පරිසරය බලන්න පුලුවන් වෙන්නෙ.
හැබැයි මේ තියෙන හැම දෙයක්ම සිරීපාද වාරෙදි තිබ්බ විදිහ.අවාරෙදි මේ දේවල් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුලුවන්.

පළවෙනිම බ්ලොග් පෝස්ට් එක මෙතනින් නවත්වනවා,කියවපු හැමකෙනෙක්ගෙනම් එකම ඉල්ලීමයි කරන්න තියෙන්නෙ,පරිසරයනම් අපවිත්‍ර කරන්න එපා.


කමෙන්ට් එකක් දාන්න හොදේ.





3 comments:

  1. නියම වැඩක් ����

    ReplyDelete
  2. Nice post,but feel the details are not enough. I wrote a off seassea hike blog soe times back, hope you didn't find it before. Good Luck..!!

    http://sanagedinapotha.blogspot.com/2014/11/blog-post.html?m=1

    ReplyDelete
  3. හරි බැලුවා.🙏🙏🙏

    ReplyDelete

දෙහණකන්ද මුක්කුවත්ත හරහා ශ්‍රී පාදස්තානයට

ආගම සම්බන්ධ කාරණා වලින් ඈත්වී සිටියත් සිරිපාද කරුණාව ගැන මා හට ඇත්තේ වෙනම අදහසකි.මන්ද සිරිපාද කරුණාව යනු ඕනෑම ආගමක අයෙකුට අයිතිවාසිකම් කිව...